
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය රජය විසින් කැනඩාව පදනම් කරගත් මැර කල්ලියක් සහ බබ්බර් ඛල්සා ඉන්ටර්නැෂනල් (Babbar Khalsa International – BKI) නායක ලක්බීර් සිං ලන්ඩා ( Lakhbir Singh Landa) නීති විරෝධී ක්‍රියාකාරකම් වැළක්වීමේ පනත (UAPA) යටතේ, “තනි පුද්ගල ත්‍රස්තවාදියකු” (individual terrorist) ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව එටර ජනමාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථානයේ සිට ඉන්දියාවට අවි ආයුධ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය ජාවාරම් කිරීම අධීක්ෂණය කරන පුද්ගලයා වන අතර, පසුගිය වසරේ මැයි 9 වැනි දින මොහාලිහි (Mohali) පන්ජාබ් පොලිස් බුද්ධි මූලස්ථානයට එල්ල කළ රොකට් ප්‍රහාරයේ මහමොළකරු වේ.
පන්ජාබ් පොලිසිය සහ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
“දේශසීමා ඒජන්සියේ සහාය ඇතිව ලක්බීර් සිං නොහොත් ලන්ඩා, මොහාලි හි පන්ජාබ් ප්‍රාන්ත බුද්ධි මූලස්ථානයේ ගොඩනැගිල්ලට එල්ල කළ රොකට් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විය. ඔහු පන්ජාබ්හි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය (IEDs), නවීන ආයුධ, දේශසීමාවෙන් විවිධ මොඩියුලවලට පුපුරණ ද්‍රව්‍ය සැපයීමට සම්බන්ධ වී ඇත” යනුවෙන් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart