
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කන්කසන්තුරේ වරාය විසින් පවරාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
කැබිනට් තීරණ ප්‍රකාශයට පත් කරමින් ඇමැති බන්දුල ගුණවර්ධන පැවසුවේ මිනින්දෝරු ජනරාල්වරයාගේ තක්සේරුවෙන් පසු වරාය අධිකාරිය රුපියල් මිලියන 52ක අත්තිකාරමක් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට ගෙවා ඇති බවයි.
ඒ අනුව මෙම හඳුනාගත් ඉඩම් රජයේ ඉඩම් ආඥාපනත 6 (1) අනුව නීත්‍යනුකූලව කන්කසන්තුරේ වරායේ සංවර්ධන කටයුතු සඳහා පවරා ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.
යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව මෑතකදී ඩොලර් මිලියන 61.5ක ආධාරයක් ලබාදී තිබේ.
ව්‍යාපෘතියේ කොටසක් ලෙස නව දියකඩනයක් ඉදිකරන අතර ගැඹුරු යාත්‍රා සඳහා වරාය මීටර් 30ක් ගැඹුරට හෑරීමට ද නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart