
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් බලාපොරොත්තු සුන්වීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට්වලට ආදරය කරන මෙරට ජනතාවගෙන් අද සමාව අයැද සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සංචිතය වෙනුවෙන් මෙම සමාව අයැදීම සිදුකළේය.
තවද, 2023 ලෝක කුසලාන තරගාවලියේදී අඩු දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තර්ජන හෝ බාහිර බලපෑම් නොතිබූ බවද නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය.
මේ අතර නායකත්වය දැරීමේ යම් පීඩනයක් තම දුර්වල ක්‍රීඩාවට බලපෑවේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මෙන්ඩිස් ප්‍රකාශ කළේ ‘අනපේක්ෂිත නායකත්වය’ තම දක්‍ෂතාවට සුළු බලපෑමක් ඇති කළත් නායකත්වය දැරීම සම්බන්ධයෙන් මීට පෙර අත්දැකීම් ඇති නිසා එය කිසිසේත්ම හේතුවක් නොවන බවයි.
“අපි බැලුවේ අපි අවසන් හතර දෙනාට තේරෙන්නේ කොහොමද කියලා. මම ඒ පීඩනයත් එක්ක හිටියා. නායකත්වය මට ලොකු පීඩනයක් නෙවෙයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තරග තහනම කඩිනමින් ඉවත් කර කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එසේම ක්‍රිකට් පරිපාලනයේ හෝ වෙනත් පුද්ගලයන්ගේ ප්‍රශ්න තමාට හෝ ක්‍රීඩකයන්ට අදාළ නැති බවද ඔහු ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ අත්දැකීම් තුළින් පාලනය කළ හැක්කේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සහ වැරදි නිවැරදි කිරීම පමණක් බවයි.
තවද, තේරීම් කමිටුව දැනට සිටින ක්‍රීඩකයන්ගෙන් හොඳම කණ්ඩායම තෝරාගෙන ඇති නමුත් ඔවුන් ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දැක්වීමට අපොහොසත් වූ බව මහේල ජයවර්ධන ප්‍රකාශ කළේය.
ඉන්දියාවේදී පැවැති ඕවර 50 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තරග 9 කදී පරාජයන් හතකට මුහුණ දුන් දුන්නේය.
බැංගලෝරයේ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී නවසීලන්තය හමුවේ කඩුලු පහකින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart