
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ බදු නීතිවලට අනුකූල විය යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධර්මසේන ප්‍රකාශ කළේ, “රටේ නීතියක් තිබේ නම් අපි එයට ගරු කළ යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. අප බදු ගෙවීම අවශ්‍ය නම්, අපි නීතිගරුක පුරවැසියන් ලෙස එය කළ යුතුයි.”
එමෙන්ම ඔහු පැසුවේ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉපැයීම් පිළිබඳව තමා නොදන්නා නමුත් තමා ක්‍රීඩා කරන දිනවලදී පෞද්ගලිකව හොඳ වැටුපක් ලැබූ බවත්, විනිසුරුවරයකු ලෙස එය දිගටම පවතින බවත්ය.
“මම හිතන්නේ ක්‍රිකට් හොඳ ජීවනෝපායක්” ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් නායක චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා සම්බන්ධව පවතින නීතිමය ගැටළු හමුවේ ඔහු මෙම අදහස් පළකළේය.
ජාතික ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස වර්ග කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය අභියෝගයට ලක්කරමින් එම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා රඳවාගැනීමේ බදු ගෙවීමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබේ.
මෙම නඩුවේ කරුණු සමාලෝචනය කිරීම සඳහා පෙත්සම අද විභාගයට ගැනීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart