
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවසේ ආහාර ගනිමින් සිටි 4 හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහර දෙන පුද්ගලයකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
‘කුකුල් චමින්ද’ නොහොත් ‘බිබිලේ චමින්ද’ නමැති අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන සැකකරු පදවිය, සම්පත් නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරු තම නිවසේ ආහාර ගනිමින් සිටියදී දරුවාට අමානුෂික ලෙස පහර දෙන අයුරු අසල්වාසියකු විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම දරුවාට පහරදී ඇති බවට තොරතුරු ලැබී ඇති නමුත් කිසිවකු ඔහුට බියෙන් පොලිසියට දන්වා තිබුණේ නැත.
මේ අතර සම්පත් නුවර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එම නිවස වටළා තිබේ.
සැකකරු නිවසින් පළාගොස් ඇති අතර, ඔහු සොයා පොලිසිය සෝදිසි මෙහෙයුමක් පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart