
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු මල්ෂික හෙවත් “කුඩු සලිඳු”ගේ ප්‍රධාන ගෝලයකු ලෙස හඳුනාගෙන ඇති පියුම් හස්තික හෙවත් “පියුමා” අද අලුයම ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහිදීය.
පොලිසිය පැවසුවේ “පියුමා” ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවා ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඔහු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ශ්‍රී ලංකාවට රැගෙනවත් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ‘කුඩු සලිඳු’ අත්අඩංගුවට ගෙන තිබුණේ 2023 මාර්තු මස 15 වැනි දිනයි.
ඒ මැඩගස්කරයේ සංචාරයක නිරතව සිටියදීය.
දැනට ‘කුඩු සලිඳු’ මෙන්ම නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart