
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජනිත් නමැත්තකු විසින් මෙහෙයවනු ලබන මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ නිරතවන කොරළවැල්ලේ ‘කුඩු ජයනි‘ නමැත්තිය සහ ඇගේ ප්‍රධාන ගෝලයකු ලක්ෂ දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග කොරළවැල්ල ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය විසින් මොරටුව, මෝදර, කොරළවැල්ල හා ලුනාව යන ප්‍රදේශවල ජයටම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර, සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් ග්‍රෑම් 50 ක් සහ මිලිග්‍රෑම් 720ක් වලාන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
සැකකාරියගේ ප්‍රධාන ගෝලයා සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 3520ක් ද වලාන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කුඩු ජයනිගේ සැමියා සහ සහෝදරයන් තිදෙකු ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැනට මහර සහ මැගසින් බන්ධනාගරගතව සිටින බවට තොරතුරු අනාවරණයවී තිබේ.
දැනට මහර බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබූ රැදවියකු විසින් බන්ධනාගාරය තුළ සිට කුඩු ජයනි නැමැත්තියට මත්ද්‍රව්‍ය ලබාදෙන බව ද අනාවරණයවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකිරීම සදහා එගොඩ උයන සහ මොරටුව යන පොලිසිවලට බාර දී ඇති බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart