
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසන්නේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වාර්ෂික සිංහල හා දෙමළ අලුත් අවුරුදු කෙටි පණිවුඩය නොයැවීමෙන් රජය රුපියල් මිලියන 98 ක් ඉතිරි කරගත් බවයි.
දේශපාලන රැලියක් අමතමින් මන්ත්‍රී කොට්ටහච්චි ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය මෙම වසරේ නොයැවූ බවත්, එය පෙර පාලන තන්ත්රයන් විසින් අනුගමනය කරන ලද පිළිවෙතක් බවත්ය.
“මේ අවුරුද්දේ ජනාධිපතිතුමාගෙනුත් අලුත් අවුරුදු සුබපැතුමක් එන්න තිබුණා. හැබැයි ඒක මේපාර ආවේ නැහැ. ඒ සුබපැතුම් පණිවිඩේ ආවේ නෑ කියලා, රටට ප්‍රශ්නයක් උණෙත් නෑ, අපට ප්‍රශ්නයක් උණෙත් නෑ. හැබැයි විශාල මුදලක් ඉතුරු වුණා කියලා කියන්න ඕනේ” ඇය පැවසුවාය.
මහජන මුදල් භාවිතා කරමින් මහජනතාවට සුබ පැතූ කෙටි පණිවුඩය රජය විසින් අහෝසි කර ඇති බවත්, මෙම පුරුද්ද අවසන් කිරීම පමණක් ජයග්‍රහණයක් බවත් මන්ත්‍රී කොට්ටහච්චි පැවැසීය.
“පහුගිය අවුරුද්දේ විතරක් මේ SMS එකට රුපියල් ලක්ෂ 980ක් වියදම් වෙලා තියෙනවා. අපේ සල්ලි අරගෙන අපිටම ‘සුබ අලුත් අවුරුද්දක් වේවා’ කියලා SMS ගහපු ඒ ක්‍රමය, අපේ නායකත්වයක් තුළින් වෙනස් කරපු එකම අපි ලබපු ජයග්‍රහණයක් තමයි.” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
අලුත් අවුරුදු පණිවිඩ යැවීමට ජනාධිපතිවරයකු පත් නොකරන බව පවසමින්, රට ඉදිරියට ගෙනයෑමට නිවැරදි නායකයා දැන් පත්කර ඇති බවත්, ඔහු සාමාන්‍ය පුරවැසියාගේ අභිවෘද්ධිය සඳහා මුදල් වෙන්කරන බව ඔප්පු කර ඇති බවත් ඇය පැවැසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart