
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ microblogging සමාජ මාධ්‍ය වන Koo, මිලියන ගණනක් පරිශීලකයන් අතරමං කරමින් සේවා සැපයීම අත්හිටුවීමට සැලසුම් කර තිබේ.
Elon Musk’s X සමාජ මාධ්‍ය සඳහා විකල්පයක් ලෙස Koo 2020 දී ක්‍රියාත්මක කරන ලදී.
එහි නිර්මාණකරුවන් පවසා ඇත්තේ, අරමුදල් හිඟයක් සහ ඉහළ තාක්‍ෂණික වියදම් මෙම තීරණයට හේතු වී ඇති බවයි.
Koo හරහා ඉන්දියානු භාෂා 10කට වඩා වැඩි ගණනකින් පණිවිඩ යැවීමට හැකියාව පැවතිණි.
එය 2021 දී Koo කරලියට පැමිණියේ ඉන්දීය රජය සහ එවකට ට්විටර් ලෙස හැඳින්වූ X සමාජ මාධ්‍ය අතර ගැටුමක් මධ්‍යයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු එය අනුමත කිරීමෙන් පසුවය.
2021 අවසානය වන විට, යෙදුම රට තුළ බාගත කිරීම් මිලියන 20කට ළඟා විය.
කෙසේවෙතත්, පසුගිය වසර කිහිපය තුළ Koo ආදායම් ලබා ගැනීමට අපොහොසත් වී ඇත.
එහි ආදායම් ඉපැයීම අභියෝගයක් වීම හේතුවෙන්, Koo 2023 අප්‍රේල් මාසයේදී එහි සාමාජිකයන් 260 දෙනෙකුගෙන් යුත් ශ්‍රම බලකායෙන් 30% ක් සේවයෙන් පහකළේය.
සේවා සැපයීම අවසන් කිරීමේ එහි නවතම තීරණය නිවේදනය කරමින්, Koo නිර්මාතෘවරුන් වන Aprameya Radhakrishna සහ Mayank Bidawatka බදාදා පැවසුවේ අරමුදල් සැපයීම පිළිබඳව සමාගම් කිහිපයක් සමඟ පැවති සාකච්ඡා සාර්ථක නොවූ බවයි.
මෙම දැඩි තීරණය ගැනීමේදී ඔවුන් තාක්ෂණික සේවාවන්හි අධික පිරිවැයට දොස් පවරා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart