
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී පිතිකරණ අනුපිළිවෙල වෙනස් කිරීමකින් තොරව ඕස්ට්‍රේලියානු තරුණ පිතිකරු සෑම් කොන්ස්ටාස් ආරම්භක පිතිකරු ලෙස යෙදවිය යුතු බව ඕස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවට ප්‍රකාශ කර තිබේ.
එමගින් 19 හැවිරිදි ඔහුගේ ටෙස්ට් දිවියට වැඩි ආයෝජනයක් කළ හැකි බව පොන්ටින්ගේ අදහසය.
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් වටය සඳහා දැනටමත් ස්ථානය වෙන්කර ගෙන සිටින බැවින් ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමග තරග වදිනු ඇත්තේ තරමක සැහැල්ලු මානසික තත්ත්වයකිනි.
ජනවාරි 29 වැනිදා සිට ගාල්ලේදී පළමු ටෙස්ට් තරගය ආරම්භ වේ.
ශ්‍රී ලංකාවේ දඟ පන්දු යැවීම් බල ඇණිය සැළකිල්ලට ගනිමින් ඕස්ට්‍රේලියාව තම කණ්ඩායම මාරු කිරීමට සළකා බලමින් සිටින බව වාර්තා වේ.
ට්‍රැවිස් හෙඩ්, උස්මාන් කවාජා සමඟ ඉනිම ආරම්භ කරන අතර, ඒ අනුව මෙල්බර්න්හිදී බොක්සිං දින ටෙස්ට් තරගයේදී ජස්ප්‍රිත් බුම්රාට එරෙහිව අර්ධ ශතකයක් ලබා ගනිමින් සිය වෘත්තීය ජීවිතය නිර්භීතව ආරම්භ කළ කොන්ස්ටාස්, ක්‍රීඩා කරන එකොළොස් දෙනාගේ කණ්ඩායමෙන් ඉවත් කරනු ඇත.
ඉන්දියානු පන්දු යවන්නන්ට යට නොවී ඔහු ඉනිම හතරකදී මුළු ලකුණු 113ක් රැස් කර තිබේ.
අගෝස්තු 29 වැනි දින ගාල්ලෙන් ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර අදහස් දක්වමින්, රිකී පොන්ටින් ප්‍රකාශ කර ඇත්තේ, “මම හිතන්නේ ඔවුන් කොන්ස්ටාස් තෝරා ගනීවි කියලා, මම හිතන්නේ ඔවුන් කොන්ස්ටාස් තෝරා ගත යුතුයි. ඔහු ඔහුගේ පළමු ඉනිමේදීත් හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු එම මුළු තරගාවලිය පුරාම විනෝදාස්වාදය ලබා දුන්නා.” යනුවෙනි.
“ඇත්තටම කියනවා නම්, ඔවුන් ඔහුව ක්‍රීඩා කරවිය යුතුයි කියලා මම හිතනවා. ගාල්ල කියන්නේ ක්‍රීඩා කිරීමට අපහසු ස්ථානයක් සහ ජයග්‍රහණය කිරීමට අපහසු ස්ථානයක්. එය අපේ සියලුම ක්‍රීඩකයන්ට, විශේෂයෙන් අතීතයේ එවැනි තත්ත්වයන් අත්විඳ නැති සමහර තරුණ ක්‍රීඩකයන්ටත් බලපාන්න ඉඩ තියෙනවා, නමුත් එය ඔහුට හොඳ ඉගෙනීමේ අත්දැකීමක් වෙයි කියලා මම හිතන්නේ,” යැයි ඔහු තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා සංචාරය අතරතුර, සංචාරක ක්‍රිකට් ක්‍රීඩකයකු වීම කෙබඳුද සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල ක්‍රීඩා කිරීම කොතරම් දුෂ්කරද යන්න කොන්ස්ටාස් දැන ගනු ඇතැයි පොන්ටින් පැවසීය.
“මම තේරීම් කමිටුවේ නම් නම් මම ඔහුව කණ්ඩායමට තෝරා ගන්නවා,” යනුවෙන් ද ඔහු තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු සංචිතය වන්නේ ස්ටීව් ස්මිත්, ෂෝන් ඇබට්, ස්කොට් බොලන්ඩ්, ඇලෙක්ස් කේරි, කූපර් කොනොලි, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මැට් කුහ්නමන්, මාර්නස් ලැබුෂේන්, නේතන් ලියොන්, නේතන් මැක්ස්වීනි, ටොඩ් මර්ෆි, මිචෙල් ස්ටාර්ක්, බියු වෙබ්ස්ටර්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart