
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්‍රියේ චෙන්නායි හිදී පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2024 අවසන් මහා තරගය කඩුලු 8 කින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් ජය ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
මෙය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම IPL ශුරතාව දිනාගත් තෙවැනි අවස්ථාවයි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 113ක් පමණක් ලබාගත්තේය.
කණ්ඩායමේ සියලුම ප්‍රබලපිතිකරුවෝ තීරණාත්මක අවසන් මහා තරගයේ දී කැපී පෙනෙන්නට අසමත් වූහ.
IPL අවසන් මහා තරගයකදී මෙතෙක් වාර්තාවූ අඩුම ඉලක්කය හඹාගිය කොල්කටා කණ්ඩායම 11 වැනි ඕවරයේදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.
කොල්කටා කණ්ඩායමේ හිමිකාරිත්වය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඇතුළු පිරිසක් විසින් වන අතර, විසින් දරන අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබන්නේ, තරුණ ඉන්දීය ව්‍යාපාරික කාව්‍යා මාරන් සහ ඇයගේ පියා වන කලනිධි මාරන් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart