
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
T20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුත් T20 තරගාවලිය ලබන 09 වැනිදා සහ 10 වැනිදා දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවත්වේ.
එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 13 වැනිදා දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ ඉතිරි තරග දෙක ලබන 17 සහ 19 යන දෙදින පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැත්වීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා සංචාරයට පෙර නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලියකට මුහුණ දුන් අතර එම තරගාවලිය ඔවුන් 3-0ක් ලෙස ජයග්‍රහණය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart