
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවද ඇතුළුව දකුණු සහ අග්නිදිග ආසියාව පුරා ඇති වූ “භයානක” ස්වභාවික ආපදා හේතුවෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සිය ශෝකය ප්‍රකාශ කර ඇත.
සඳුදා රාජකීය පවුලේ නිල සමාජ මාධ්‍ය පිටුවේ පණිවිඩයක් තබමින් චාල්ස් රජු මේ බව සඳහන් කර ඇත.
එහිදී මෙම කලාපය පුරා සුළි කුණාටු සහ දින ගණනක් ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ විනාශය පිළිබඳව රජු සිය ශෝකය ප්‍රකාශ කරයි.
“Charles R” යනුවෙන් අත්සන් කරන ලද ඔහුගේ පණිවිඩයේ, රජු මෙසේ කියා ඇත.
“දකුණු සහ අග්නිදිග ආසියාව පුරා ඇති වූ දරුණු කුණාටු නිසා ඇති වූ විනාශය ගැන දැන ගැනීමට මගේ බිරිඳ සහ මම දැඩි ලෙස කණගාටු වෙමු. ජීවිත සහ ජීවනෝපායන් ඉතා ගැඹුරින් බලපෑමට ලක් වූ සියලුදෙනා මුහුණදුන් විනාශයේ පරිමාණය සහ වේදනාව අපට සිතාගත හැකිය.”
“මෙම ව්‍යසනයන් අපට ස්වභාවධර්මයේ සමතුලිතතාවය සහ සමගිය යථා තත්ත්වයට පත්කිරීමේ වඩ වඩාත් හදිසි අවශ්‍යතාවය මතක් කර දෙයි” යනුවෙන්ද රජු පවසයි.
ඉන්දියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ වියට්නාමය පුරා ප්‍රජාවන් සඳහා “ශක්තිය සහ සැනසීම” සඳහා යාච්ඤා කරන බව පවසමින් ඔහුගේ ප්‍රකාශය අවසන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart