
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බත්තනංගුණ්ඩුව දූපත ආසන්නයේදී ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුත්තලම කලපුවේ ගැඹුරේ තිබී කිලෝග්‍රෑම් 04කට අධික රත්‍රං සහිත පාර්සලයක් සොයාගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසයි.
මෙම වටිනා රත්‍රං තොගය ජාවාරම්කරුවන් විසින් හිතාමතා දිය යට ගිල්වා ඇති බවට නාවික හමුදාව සැක පළකරයි.
මෙම මෙහෙයුමේදී ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවන් 02ක් සහ ඩිංගි යාත්‍රා 01ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 35 වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් රත්‍රං සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart