
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික දේශකයකුගේ උපදෙස් මත කුසගින්නේ සිට මියගිය පුද්ගලයන් 21දෙනකුගේ සිරුරු කෙන්යානු පොලිසිය සොයාගෙන ඇත. වෙරළබඩ නගරයක් වන මලින්දි හි නොගැඹුරු වලවල්වල මෙම පුද්ගලයන්ගේ සිරුරු වලදමා තිබියදී හමුවී තිබේ. ගොඩගත් අය අතර ළමුන්ද වන අතර, සොයානොගත් තවත් මළ සිරුරු තිබිය හැකි බව පොලිසිය පවසයි.
මෙලෙස කුසගින්නේ සිට මියයන ලෙසට උපදෙස් ලබාදුන් පෝල් මැකෙන්සි (Paul Mackenzie Nthenge) නම් දේශකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කෙන්යානු ජනමාධ්‍ය ආයතන විසින් මෙම පුද්ගලයාව ‘කල්ට් නායකයෙකු’ ලෙස හඳුන්වා ඇති අතර, මේ වන විට ඔහුගේ උපදෙස් අනුව මියගිය සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 58ක් බව පොලිසිය පවසයි.
“යේසුස් වහන්සේ හමුවීම සඳහා” කුසගින්නේ සිටින ලෙස ඔහු අනුගාමිකයන්ට පැවසූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. කෙන්යාවේ ද ස්ටෑන්ඩර්ඩ් දිනපතා පුවත්පත පැවසුවේ ව්‍යාධි විද්‍යාඥයින් ඩීඑන්ඒ සාම්පල ලබාගෙන වින්දිතයින් සාගින්නෙන් මිය ගියේද යන්න ස්ථිර කිරීම සඳහා පරීක්ෂණ පවත්වනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart