
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආන්දෝලනාත්මක ව්‍යාජ ඉමියුනිග්ලොබියුලින් එන්නත් වංචාවට සැකකරුවකු ලෙස නම්කර ඇති හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (15) අධිකරණයට ඉදිරිපත් නොකිරීමට තරම් ඔහුට පැවැති රෝගී තත්ත්වය කුමක්දැයි යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද මෝසමක් ගොනුකෙරිණි.
අදාළ විමර්ශනයට අදාළ ප්‍රශ්නාවලිය බන්ධනාගාර වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස එමගින් පැමිණිලි පාර්ශ්ව අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත්දෙනා ලබන පෙබරවාරි 29 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ඊයේ අධිකරණය නියෝග කළේය.
කෙසේවෙතත් ඊයේ දිනයේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට රැගෙන ආවේ නැත.
බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart