
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී නොවන බව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල දැනුම්දී තිබේ.
ව්‍යාජ ඉමියුනිග්ලොබියුලින් ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල මේ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත.
මෙලෙස පාර්ලිමේන්තු නොපැමිණීමට හේතුව ලෙස ඔහු සඳහන් කර ඇත්තේ, අසනීප තත්වයකින් පසුවන බවයි.
කෙහෙළිය රඹුක්වැල්ල මේ වන විට රැඳී සිටින්නේ බන්ධනාගාර රෝහලේය.
ඔහු පසුගිය දිනෙක අධිකරණයට පැමිණීමද මගහැරියේය.
එහෙත් ඔහුට අධිකරණයට නොපැමිණීමට තරම් රෝගී තත්වයක් ඔහුට නොමැති බව පසුව අනාවරණය විය.
මේ අතර ඔහුගේ අසනීප තත්වය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාට පසුගියදා නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart