
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සිටින විශාලතම ජීවමාන දළ ඇතා වන කාවන්තිස්ස හස්තියාගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
2012 වසරේ කාවන්තිස්ස කාගේත් අවධානයට ලක් වූයේ එතෙක් ශ්‍රී ලංකාවේ සිටි විශාලතම වන අලියා වූ සියඹලන්ගමුව දළ ඇතාගේ ඛේදනීය මරණයත් සමගය.
කෙසේවෙතත්, මෑත දශකවල මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, කාවන්තිස්සගේ සම්ප්‍රදායික වාර්ෂික සංක්‍රමණික මාර්ගය වූ ගල්ගමුව හරහා කලාවැවේ සිට බලලු වැව දක්වා කලාපය, තබ්බෝව සහ විල්පත්තුව හරහා කලාපය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
එමෙන්ම කලක් ඇතාගේ වාසභූමියේ කොටසක් වූ පලුකඩවල, මහගල්ගමුව සහ ඉගිනිමිටිය වැනි ජල රක්ෂිතයන් වගාකිරීම සහ වෙනත් අරමුණු සඳහා මිනිසුන් විසින් වැඩි වැඩියෙන් එළිපෙහෙළි කරනු ලැබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස කාවන්තිස්සට මේ වන විට ස්වාභාවික වාසස්ථාන බොහොමයක් අහිමි වී ඇත.
පරිසරවේදීන් පවසන්නේ, මේ වන විට කාවන්තිස්ස ප්‍රධාන වශයෙන් ගල්ගමුව සහ අඹන්පොළ ප්‍රදේශවල සැරිසරන බවයි.
පසුගියදා මෙම ප්‍රදේශවලදී එකම රංචුවක සිටි ‘භාතිය’ සහ ‘අස්තික’ යන අලින් දෙදෙනකු ඝාතනයට ලක්විය.
මේ අතර, පරිසරවේදීන් විසින් කාවන්තිස්සගේ සිරුරේ වම් පසින් තුවාල කිහිපයක් නිරීක්ෂණය කර ඇති අතර, ඒවා මෑත කාලීනව එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් ඇති වූ තුවාල බවට සැක කෙරේ.
මීට අමතරව, කාවන්තිස්ස ප්රමුඛ රංචුවට අයත් අලි ඇතුන් කිහිප දෙනෙකුගේ පාදවලට වෙඩි වැදී තුවාල ද දක්නට ලැබෙන බව වාර්තා වේ.
එබැවින් පශු වෛද්‍යවරුන් සහ පරිසරවේදීන් පවසන්නේ මේ වන විට කාවන්තිස්ස දළ ඇතා ද දැඩි ජීවිත තර්ජනයකට මුහුණ දී සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart