September 4, 2025

ව්‍යාජ අංක තහ­ඩු­වක් සවි­කළ මෝටර් රථ­යක් ධාව­නය කර­මින් සිටි වෛද්‍ය­ව­රියක මහ­නු­වර කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය විසින් පෙරේදා (02) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම වෛද්‍ය­ව­රිය පේරා­දෙ­ණිය සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක රෝහලේ සේවයේ නිර­තව සිටි­න්නි­යක් බව පොලී­සිය සඳ­හන් කරයි.

මහ­නු­වර–පේරා­දෙ­ණිය මාර්ගයේ සුමායා ගාඩ්න් අතුරු මාර්ග­යේදී මෙම මෝටර් රථය පොලිස් භාර­යට ගත් බව පොලිසිය පවසයි.

මෙම වෛද්‍ය­ව­රි­යගේ සැමියා ද එම රෝහ­ලේම සේවයේ නිර­තව සිටින අයෙකි.

මෝටර් රථය සිය සැමි­යාට අයත් එකක් බව ඇය ප්‍රශ්න කිරී­මේදී පවසා ඇත.

මෙසේ ව්‍යාජ අංක­යක් ඇලි­යොන් වර්ගයේ මෝටර් රථයේ සවි­කර ධාව­නය කිරීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වෙන බව පොලී­සිය සඳ­හන් කරයි.