
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමට එරෙහිව පැවැත්වූ තරඟයේදී උඩ පන්දුවක් රැකීමේදී දැක්වූ විශිෂ්ට උත්සාහය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් තරඟාවලියේ හොඳම පන්දු රැකීමේ ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේය.
ඩිවාල්ඩ් බ්‍රෙවිස්ගේ ප්‍රබල පහර අල්ලාගැනීමේදී කමිඳු මෙන්ඩිස් පන්දු රකින්නකු ලෙස දැක්වූ දක්ෂතාව බොහෝ සේ ප්‍රශංසාවට පක්විය.
එම ත්‍රාසජනක උඩපන්දුව ඉන්දියාව පුරා පුළුල් ලෙස ප්‍රශංසාවට ලක් වූ අතර, එය තරඟාවලියේ වඩාත්ම කතාබහට ලක් වූ මොහොතක් බවට පත්විය.
මෙවර IPL 2025 තරඟාවලිය අවසන් වූයේ, වසර 18 ක පසුබෑමකින් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සිය පළමු IPL ශූරතාව දිනාගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තාකරමින් ය.
අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරඟයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු හයකින් පරාජය කරමින් අමතක නොවන ජයග්‍රහණයක් සනිටුහන් කර ඇත.
RCB පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු නවයක් දැවී ලකුණු 190 ක් රැස් කළ අතර, සිය කණ්ඩායමේ ඉහළ සහ මැද පෙළ යන දෙඅංශයෙන්ම ප්‍රධාන දායකත්වයන් ඒ සඳහා ලැබුණි. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම එය හඹා යාමේදී විශිෂ්ට තරඟයක් ලබාදුන් නමුත් එහිදී කඩුලු 7ක් දැවී ලකුණු 184කට සීමාවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart