
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් වන කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසුරිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලියෙන් අනතුරුව ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉහළ පැමිණ හත්වැනි ස්ථානය දක්වා නව ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන ඇත.
මේ අතර 26 හැවිරිදි ශ්‍රී ලංකා පිලේ පිතිකරු කමිඳු මෙන්ඩිස් පසුගිය නවසිලන්ත සංචාරයේදී ශතක දෙකක් ලබාගැනීමෙන් අනතුරුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන පහක් වැඩිදියුණු කරගනිමින් 11 වැනි ස්ථානය දක්වා පැමිණ තිබේ.
අමතරව දිනේෂ් චන්දිමාල් ස්ථාන 6කින් ඉදිරියට පැමිණ 20 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 4ක් ඉහළට ගොස් 23 වැනි ස්ථානයට පැමිණ ඇත.
මේ වන විට ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පිතිකරුවන් අතර එංගලන්තයේ ජෝ රූට් පෙරමුණ ගෙන සිටින අතර, පන්දු යවන්නන් අතර ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා පෙරමුණ ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart