
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ටෙස්ට් තරග ඉතිහාසයේ වාර්තාගත ඉනිමක් ලෙස සටහන්ව තිබේ.
කිසිදු ශතකයක් වාර්තා නොකරමින් කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු ලබාගත් ඉනිම ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන්වූයේ ලකුණු 531ක් ලෙසිනි.
මීට පෙර ඉන්දීය කණ්ඩායම නවසීලන්තයට එරෙහිව කඩුලු 09ට ලකුණු 524ක් 1976/77වසර කාලයේ වාර්තා කර තිබුණේ කිසිදු ශතකයක් වාර්තා නොකළ වැඩිම ලකුණු ලබාගත් ඉනිම ලෙසින්ය.
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ඉනිමට අර්ධ ශතක 06 වාර්තා වූ අතර, එහිදී ලකුණු 92ක් නොදැවී රැස්කර ගත් කමිදු මෙන්ඩිස්, ක්‍රීඩකයකු පළමු ටෙස්ට් ඉනිම් හතර තුළදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියූ පාකිස්තානයේ ජාවේඩ් මියන්ඩාඩ් සමකළේය.
කමිඳු මෙන්ඩිස් ඉනිම් 04කදී ලකුණු 419ක් මේ වන විට රැස්කර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart