
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වන කල්පිටිය නගරයට මැසි උවදුරකින් බලපෑම් එල්ල වී තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන මෙම ගෘහ මැස්සන් විශේෂය ආමාශගත රෝග සහ ක්ෂය රෝගය වැනි රෝගවල වාහකයන් ලෙස කටයුතු කරයි.
සතුන්ගේ අසූචි, පොහොර සහ කුණු කසළ හේතුවෙන් මැස්සන්ගේ වර්ධනය ඉහළ යයි.
මෙම තත්ත්වය කල්පිටියේ නිවාස, ආපන ශාලා, සංචාරක හෝටල්, රෝහල්, පාසල් සහ ළදරු පාසල්වලට දැඩි ලෙස බලපා ඇත.
ගොවීන් වාණිජ භෝග සඳහා පොහොර ලෙස කුකුළු මළපහ භාවිත කර ඇති අතර එම පොහොර වැඩි වශයෙන් භාවිත කිරීම මැස්සන් බෝවීමට හේතු වී ඇති බවට විශ්වාස කෙරේ.
කුකුළු පොහොර භාවිතය, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා වන රෙගුලාසි කල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් සම්මත කර ඇත.
ප්‍රදේශයේ ගොවියකු ලෙස කටයුතු කරන 31 හැවිරිදි ජේ.ඒ. නිරෝෂන් ගුණතිලක පවසන්නේ වැඩි වැඩියෙන් ගොවීන් කුකුළු පොහොර භාවිත කරන බවයි.
2019 දී ගොවීන් රසායනික පොහොර නොමැති නිසා කුකුළු පොහොර භාවිත කිරීමට පටන් ගෙන ඇත.
“රුපියල් 150ට අලෙවි වූ ගොම පොහොර දැන් රුපියල් 700යි. ඒ නිසා ගොවීන් කුකුළු අපද්‍රව්‍ය පොහොර ලෙස භාවිත කරන්න පටන් ගත්තා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.
ප්‍රමාණවත් සහ සුදුසු කොම්පෝස්ට් පොහොර ප්‍රමාණයක් ලබා නොදීම සම්බන්ධයෙන් බොහෝ ගොවීන් ච්දනා කරන්නේ ගොවි ජනසේවා නිලධාරීන් වෙතය.
සෑම ග්‍රාම නිලධාරී වසමකටම කෘෂිකර්ම නිලධාරීන් සහ කළමනාකරුවන් සිටියත් ඔවුන් ගැටලු විසඳීමට හෝ විසඳුම් ලබා දීමට මැදිහත් නොවන බවට ද චෝදනාවක් තිබේ.
මීට වසර දෙකකට පමණ පෙර ද කල්පිටිය ප්‍රදේශයේ මැසි උවදුර ගැටලුවක් වී තිබුණ ද මේ වන විට එම තත්ත්වය උග්‍ර වී ඇත.
නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන සිත්ති ෆරීඩා පවසන්නේ පෙරවරු 7ට පමණ සිට රාත්‍රිය පහන් වනතුරු තම නිවසේ මැස්සන් ගැවසෙන බවයි.
මැස්සන් ආහාර පාන අපිරිසිදු කරන බවත් කුකුළු පොහොර හේතුවෙන් දැඩි දුගඳක් හමන බවත් ඇය පෙන්වා දෙයි.
මේ හේතුවෙන් දරුවන් නිරන්තර සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බව ද ඇය පෙන්වා දී තිබේ.
මැසි උවදුර ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට ද බලපෑම් ඇති කර තිබේ.
කල්පිටිය සංචාරක සංගමයේ ලේකම් සුගත් එමානුවෙල් පැවසුවේ මැස්සන් වැඩි වීම සහ කුකුළු අපද්‍රව්‍යවල දුර්ගන්ධය හේතුවෙන් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ කල්පිටිය වෙත සැලසුම් කළ ගමන් සංචාරකයන් විසින් අවලංගු කරන බවයි.
කල්පිටිය වෛද්‍ය නිලධාරී ඩී.එම්.ශ්‍රී මදුමාල් සිල්වා විශ්වාස කරන්නේ ප්‍රමිතියෙන් තොර කුකුළු අපද්‍රව්‍ය පොහොර මැස්සන් බෝවීමට හේතුව බවයි.
පිරිසිදු කිරීමේ ඩිටර්ජන්ට් සහ අනෙකුත් ආරක්ෂක උපක්‍රම භාවිත කරන ලෙස හෝටල්වලට උපදෙස් දී ඇති බව ද ඔහු පැවසීය.
(The Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart