December 27, 2025

නීතිඥවරියකට තර්ජනය කිරීමේ චෝදනාව මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව අධිකරණ වාර්තා සඳහන් කරයි.

නීතිඥවරියට එරෙහිව බිය ගැන්වීම් සහ වාචික තර්ජන එල්ල කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.