January 25, 2026

නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු ‘කාල රහිත බොලිවුඩ් තනු – අනුරාධා පෝඩ්වාල් ලයිව් ඉන් කලම්බෝ’ නම් සජීවී සංගීත ප්‍රසංගය රසවිඳීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජාතික ජන බලවේග රජයේ අමාත්‍යවරුන් ද එක්ව සිටිනු දක්නට ලැබිණි.

එම අවස්ථාවට ඉන්දියාවේ මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ඔහුගේ බිරිඳ ද පැමිණ සිටියහ.

ඉන්දියාවේ 77 වැනි ජනරජ දිනයට සමගාමීව මෙම සංගීත් සන්ධ්‍යාව සංවිධාන කර තිබිණි.