
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
තරගාවලියේ දි රන් පදක්කම් 09ක් , රීදි පදක්කම් 09ක්, ලෝකඩ පදක්කම් 17ක් සමග සමස්ත පදක්කම් 35ක් දිනාගනිමින් අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
පළමු ස්ථානය හිමිකරගත් ඉන්දියාව රන් පදක්කම් 21ක්, රිදී 22ක් හා ලෝකඩ 05ක් සමගින් පදක්කම් 48ක් ජයගනිමින් ශුරතාවට හිමිකම් කීවේය.
මිටර 100 පිරිමි ඉසව්ව තත්ත්පර 10.41කින් නිමකළ මෙරෝන් විජේසිංහ එහි රන්පදක්කමත්, මිටර 200 ඉසව්ව තත්ත්පර 21.33 කින් නිමකළ ඉදුසර විදූෂාන් එහි රන්පදක්කමත් ජයග්‍රහණය කළහ.
ශවිදු අවිශ්ක මිටර 800 රන් පදක්කම ජයගත්තේ විනාඩි 1.49.83ක කාලයක් වාර්තා කරමිනි.
අභිෂේකා ප්‍රේමසිරි මිටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකරගත් අතර එහිදි ඇයගේ තරග නිමිකාලය විනාඩි 2.10.17ක් ලෙස සටහන් වී තිබිණි.
ලෙසඳ අර්ථවිදු උස පැනීම රන් පදක්කම ජයගත්තේ මිටර 2.17ක දක්ෂතාවක් දක්වමිනි.
කාවින්ද දිසානායක තුන්පිම්ම ඉසව්වේන් රන්පදක්කම සහ සඳුන් කෝෂල මිටර 110 කඩුලු පැන දිවීමෙන් රන් පදක්කම ජයග්‍රහණය කරනු ලැබීය.
එමෙන්ම, මිටර 400 පිරිමි සහ කාන්තා සහාය දිවීමේ තරග ඉසව්වලින්ද ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් ජය ගැනීමට සමත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart