
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පැරිස් සංසදයට සමගාමීව ශ්‍රී ලංකාව සහ ණයහිමි රටවල් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් මෙරට එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් ප්‍රසාදය පළකර තිබේ.
එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත්තේ දිගු කාලීන සෞභාග්‍යය සහ වර්ධනය වෙනුවෙන් විනිවිද පෙනෙන සහ තිරසාර වෙනස්කම් අනුගමනය කරමින් සිදුකරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යෑම සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කරන බවයි.
මෙරට එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් X හි සටහනක තබමින් “මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ඔරොත්තු දීමේ සාධනීය ඉදිරි පියවරක් වන අතර, ශ්‍රී ලංකාවේ මූල්‍ය පරිසරය කෙරෙහි වැඩි විශ්වාසයක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ,” යනුවෙන් සඳහන් කර තිබේ.
ඩොලර් බිලියන 5.8ක ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ණය දෙන රටවල් සමඟ ගිවිසුමක් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේය.
ඔවුන් එම පියවර හඳුන්වා දී තිබුණේ අර්බුදකාරී ආර්ථිකය ස්ථාවර කිරීමට එය උපකාර වනු ඇති බවයි.
ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් සම සභාපතිත්වය දරන නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ශ්‍රී ලංකා නිලධාරීන් පැරිසියේදී ගිවිසුමට අත්සන් තබා ඇත.
මෙම ගිවිසුම මගින් සැළකිව යුතු ණය සහනයක් ලබා දෙන බවත් අත්‍යවශ්‍ය පොදු සේවාවන් සඳහා අරමුදල් වෙන් කිරීමට සහ සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායී මූල්‍යකරණය සුරක්ෂිත කිරීමට එමගින් ඉඩ සලසන බවත් ජනාධිපති මාධ්‍ය අංශය සිය නිවේදනයේ දක්වා තිබේ.
ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව චීනයේ EXIM බැංකුව සමඟ වෙනම ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමට ද කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart