
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කණ්ඩායම් නායිකා ජෙනී හර්මෝසෝ හට බලහත්කාරයෙන් ලබාදුන් කාන්තා ලෝක කුසලාන හාදුව සම්බන්ධයෙන් හිටපු පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් නඩු විභාගයකට පෙනීසිටිය යුතු බවට ස්පාඤ්ඤ විනිසුරුවරයකු යෝජනා කර තිබේ.
ඕස්ට්‍රේලියාවේදී පසුගිය ස්පාඤ්ඤයේ ජයග්‍රහණයෙන් පසු සැමරීම අතරතුර රුබියල්ස් හර්මෝසෝගේ හිස අල්ලා ඇයව සිපගත්තේය.
ඇය පැවසුවේ, එම හාදුව ‘සිය කැමැත්තෙන් ලබාදුන්නක්’ නොවන බවය. එහෙත් එය රුබියල්ස් ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර නඩුව විභාග කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව විනිසුරුවරයා සොයාගෙන තිබේ.
එරට නඩු පවරන්නන් මීට පෙර රුබියල්ස්ට ලිංගික අතවර සහ බලහත්කාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේය.
එවැනි හාදුවක් සඳහා දඬුවම් දඩයේ සිට වසර හතරක සිර දඬුවමක් දක්වා පරාසයක පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart