
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය පුහුණුකරුවන් සහ භෞතචිකිත්සකයන් සඳහා ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කර ගැනීමට උසස් පුහුණුවක් ලබාදීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයන් කිහිපදෙනකුගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව,
– විශේෂඥ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් (Jonty Rhodes)
– හිටපු ඉන්දීය ජාතික කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු, භාරත් අරුන් ( Bharat Arun)
– ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු භෞතචිකිත්සක, ඇලෙක්ස් කවුන්ටූරි (Alex Kountouri)
යන අයගේ සේවය ලබා ගැනීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තබේ.
මෙම පුහුණු වැඩසටහන මේ වසරේදී ආරම්භ කිරීමට නියමිත බවද එම කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart