January 7, 2026

අධි­ක­ර­ණය මඟින් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියම කළ හිටපු අමා­ත්‍ය­ව­රුන් වන ඩග්ලස් දේවා­නන්දා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනාද මහර බන්ධ­නා­ගා­රයේ බන්ධ­නා­ගාර රෝහලේ මේ වන විට රඳවා ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ ඔහුගේ පුතුන් දෙදෙ­නාට නිව­සින් ආහාර ගෙන ඒමට ඔවුන්ගේ පවුලේ සාමා­ජි­ක­යන් විසින් බන්ධ­නා­ගාර අධි­කා­රි­යෙන් කළ ඉල්ලී­මට අව­සර හිමිවී ඇතැයි ද වාර්තා වේ.

එහෙත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවා­නන්දා, මහර බන්ධ­නා­ගා­ර­යෙන් සිර­ක­රු­වන් වෙත ලබා­දෙන සාමාන්‍ය ආහා­ර­වේල රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළ දිනයේ සිටම ලබාගන්නා අතර දේවා­නන්දා දෛනි­කව භාවිත කරන ඖෂධ වර්ග ද ඔහු වෙත සප­යාදී ඇත.