
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයෙන් මෙරටට ආනයනය කෙරෙන BYD වාහනවල බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් සමාගම, මෑතකදී ආනයනය කරන ලද විද්‍යුත් වාහන තොගයක මෝටර් ධාරිතාව පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව එම සමාගම පවසන්නේ, එම සියලුම වාහන කිලෝවොට් 100 (kW) ධාරිතාවයෙන් යුතු මෝටර් රථවලින් සමන්විත වන අතර, දේශීය රෙගුලාසිවලට අනුකූලව එම වාහන මෙරටට ආනයනය කර ඇති බවයි.
BYD වාහන ආනයනයේදී රේගුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, මතභේදාත්මක තත්වයන් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි සැපයීමට සූදානම් බව ජෝන් කීල්ස් සමාගම පවසයි.
BYD වාහන චීනයේ නිෂ්පාදකයාගෙන් සෘජුවම ආනයනය කර ඇති අතර, ඒවා සිංගප්පූරුව වැනි අන්තර්ජාතික වෙළඳපොළේ අලෙවි කරන මාදිලිවලට සමාන බව ද අදාළ නිවේදනය මගින් එම සමාගම වැඩිදුරටත් පවසා තිබේ.
“මෙම වාහනවල මෝටර් බලය චීනයේ BYD විසින් නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තා මගින් තහවුරු කර ඇති අතර, ස්වාධීන පරීක්ෂණ ආයතනයක් විසින් තවදුරටත් සහතික කර ඇත” යනුවෙන් පවසමින් එම සමාගම පාර්ශ්වකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට විනිවිදභාවය සඳහා කැපවී සිටින බවට සහතික විය.
එමෙන්ම සියලුම වාහන ආනයනය නීත්‍යානුකූලව සිදු වූ බවත්, ගැටලුව විසඳීමට බලධාරීන් සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන බවත් සමාගම අවධාරණය කරයි.
ප්‍රකාශිත මෝටර් ධාරිතා වල සැකසහිත විෂමතා මත BYD විදුලි වාහන 1000කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායේ රදවාගෙන ඇති බවට ජනමාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව ජෝන් කීල්ස් සමාගම මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart