
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෙස්ලිං පිටියෙන් විශ්‍රාම යෑමට නියමිත ජෝන් සීනාගේ අවසන් සටන අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.
ඔහුගේ ප්‍රතිවාදියා වීමට මල්ලවපොර ශූරයන් 16 දෙනෙකු තරඟ වදින තරඟාවලියට ලබා දී නම වන්නේ ‘The Last Time Is Now’ යන්නයි.
වොෂින්ටන් ඩීසී හි පැවැත්වෙන තරගාවලියේ දී අමෙරිකානු තරුවක් බවට පත්ව ඇති කීර්තිමත් මල්ලවපොර ක්‍රීඩකයාගේ වෘත්තීය ජීවිතයේ නිමාව සනිටුහන් කරනු ඇත.
ඔහුගේ මංගල තරගයේ සිට දින 8,570ක් ඇතුළත, සීනා ලෝක ශූරතා 17ක් දිනා ඇති අතර ‘You Can’t See Me’ යන ප්‍රසිද්ධ වාක්‍ය ඛණ්ඩය ඔහු හා බැඳී තිබේ.
48 හැවිරිදි සීනාගේ බලපෑම ඊට වඩා බොහෝ සෙයින් ඔබ්බට යයි.
“ජෝන් සීනා කවුද?” යන ප්‍රශ්නය ඔබ ඇසුවහොත් ඊට පිළිතුරු වශයෙන් ජනප්‍රිය WWE සුපිරි තරුවක සේම සාර්ථක චිත්‍රපට නළුවකු ලෙසින්ද කෙනෙකු ඔහුව හඳුන්වනු ඇත.
2002 දී ඔහුගේ මංගල තරගයෙන් පසු, ඔහුගේම මල්ලවපොර චරිතයේ පරිණාමයක් සිදුවී ඇත.
‘අනුකම්පා විරහිත ආක්‍රමණශීලී’ නවකයෙකුගේ සිට ‘කිසිදා අත් නොහරින්න’ යන ආකල්පය සඳහා ප්‍රසිද්ධ වීර චරිතයක් බවට සීනා පත්ව ඇත.
වසර ගණනාවක් පුරා ‘ඔබට තවදුරටත් මල්ලවපොර කළ නොහැක’ යන ඉඳහිට කෙරෙන රසික විවේචන තිබියදීත් ඔහු දක්ෂ ලෙස ක්‍රීඩාවේ නිරත විය.
මල්ලවපොර වෙබ් අඩවියක් වන රෙස්ලින්මොමික්ස් හි කර්තෘ සහ හිමිකරු බ්‍රැන්ඩන් තර්ස්ටන් පවසන්නේ “ඔහුට සුවිශේෂී මල්ලවපොර දක්ෂතාවක් ඇති බවට කිසිදු සැකයක් නැත” යනුවෙනි.
“2005 සිට දළ වශයෙන් 2015 දක්වා කාලය තුළ ඔහු නිසැකවම විශාලතම ආකර්ෂණය දිනා ගත්තා,” තර්ස්ටන් මහතා පවසයි.
එම සමයේ සීනාගේ වෙළඳ භාණ්ඩ ද විකුණුම්වල නිතිපතා ඉහළින්ම පැවතිණි.
වළල්ලෙන් පිටත ද, ඔහු මිනිසුන් ආකර්ෂණය වන සහ සවන් දීමට කැමති පෞරුෂයක් බව තර්ස්ටන් පවසයි.
“ශරීරයට බෙහෙවින් බරක් වන කර්මාන්තයක මෙතරම් කාලයක් සිටීම අතිශයින්ම සිත් ඇදගන්නා සුළුයි,” 24 හැවිරිදි ජෝ පවසයි.
ඔහු මුලින්ම රූපවාහිනියෙන් සීනා දැක ඇත්තේ වයස අවුරුදු පහක්ව සිටියදීය.
“කාලයත් සමඟ, රංගන ශිල්පියෙකු ලෙස පමණක් නෙවෙයි, පුද්ගලයකු ලෙසද ජනතාව ඔහු කෙරෙහි වැඩි වැඩියෙන් ගෞරවය ලබා දුන්නා.”යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart