
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුදුරජාණන් වහන්සේට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට අවමන් සහගත ප්රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරොම් ප්රනාන්දු දෙසැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
දේවගැති ජෙරොම් ප්රනාන්දුට එරෙහිව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
ආන්දෝලනාත්මක ඉරිදා ධර්ම දේශනාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා ජෙරොම් ප්රනාන්දු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අඛණ්ඩව දෙවැනි දිනටය.
ඊයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 08ක දීර්ඝ ප්රකාශයක් ලබාදුන් අතර, වැඩිදුර ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart