
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ බහුජාතික මෝටර් රථ සමාගමක් වන Honda Motors විසින් ශ්‍රී ලංකාවේ Honda සන්නාමය සහ වෙළඳ ලකුණු සහිත ව්‍යාජ වාහන අමතර කොටස් විකිණීම සහ සන්තකයේ තබාගැනීමේ කටයුතුවල නිරත වූ ආයතන කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
Honda Motor Co.ltd විසින් ඔවුන්ගේ ප්‍රාදේශීය නීති නියෝජිතයා වන සුදත් පෙරේරා නීතිඥ සමාගම හරහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරනලද පැමිණිලි මත කොළඹ 10 සහ හෝමාගම පිහිටි මෝටර් රථ අමතර කොටස් තොග වෙළෙඳුන් තිදෙනකු වැටලීම් ක්‍රියාමාර්ගවලට භාජනය කර ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, කොළඹ 10 හි පිහිටි කෙවින් මෝටර්ස් සහ රෙබෙකා මෝටර්ස් යන සමාගම් දෙකට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විසින් සෝදිසි වරෙන්තු ලබාදෙන ලදී.
ලියාපදිංචි ලාංඡන සහ වෙළඳ ලකුණු සහිත ඕනෑම හොර හොන්ඩා නිෂ්පාදනයක් වටලා අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පිහිටි ඔටෝ හෝල්ඩිංග්ස් සමාගම වැටලීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් රාජේන්ද්‍ර ජයසූරිය නියෝගය ලබා දී තිබිණි.
හෝමාගම ප්‍රදේශයේ පිහිටි ඔටෝ හෝල්ඩිංග්ස් සමාගම, කොළඹ 10 ප්‍රදේශයේ පිහිටි කෙවින් මෝටර්ස් සහ රෙබෙකා මෝටර්ස් යන සමාගම්වලට එරෙහිව එකවර සිදුකළ වැටලීම්වලින් අනතුරුව ඔවුන් සන්තකයේ තිබූ ව්‍යාජ හොන්ඩා අමතර කොටස් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් විය.
නීතිවිරෝධී මාර්ග ඔස්සේ නිෂ්පාදනය කර හෝ ලබාගෙන ව්‍යාජ අමතර කොටස් අසුරා විකිණීමට භාවිත කළ බවට සැක කෙරෙන Honda ලාංඡන, වෙළෙඳ ලකුණු සහ Honda wing උපාංගය අඩංගු හිස් ඇසුරුම් විශාල ප්‍රමාණයක් ද සොයාගැනීමට හැකිවී ඇත.
2006 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ව්‍යාජ නිෂ්පාදන විකිණීම සහ ගනුදෙනු කිරීම දැඩි ලෙස නීති උල්ලංඝනය කිරීමක් සහ සාපරාධී වරදක් වේ.
මෙම නීතිවිරෝධී හැසිරීම සන්නාම හිමිකරුවන්ට සැළකිව යුතු හානියක්, අපකීර්තියක් සහ ආර්ථික අලාභයක් සිදු කරන අතර, එය නොසැළකිලිමත් පාරිභෝගිකයන්ට දැඩි ආරක්ෂණ ගැටලු ද මතු කරන තත්ත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart