
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාන රජය ඊයේ රාත්‍රියේ සිට රට පුරා අන්තර්ජාල සහ අන්තර්ජාතික දුරකථන ඇමතුම් විසන්ධි කිරීමට කටයුතු කර තිබේ.
රජය මෙම පියවර ගනු ලැබුවේ එරටින් පිටුවහල් කරන ලද ඔටුන්න හිමි කුමාරයා විසින් කැඳවන ලද විරෝධතාකරුවන් පිරිසක් රාත්‍රී කාලයේ වීදිවලට කඩා වැදීමත් සමඟය.
1979 ඉස්ලාමීය විප්ලවයට පෙර දැඩි ලෙස රෝගාතුර වූ පියා සමග ඉරානයෙන් පලාගිය ඔටුන්න හිමි කුමරු රේසා පහ්ලවි නැතහොත් ‘ඉරානයේ ෂා’ විසින් ඉරාන මහජනතාවට බලපෑම් කළ හැකිද යන්න පිළිබඳ පළමු පරීක්ෂණය මෙම විරෝධතාව මගින් නියෝජනය විය.
ෂාට සහාය දැක්වීම අතීතයේ දී මරණ දඬුවම නියම කළ හැකි දෙයක් වූවත් මෙම විරෝධතාවලදී ෂාට සහාය දක්වන කෑගැසීම විරෝධතාවලට ඇතුළත් වූ නමුත් මේ වන විට වැඩි අවධානයට හේතුවී ඇත්තේ ඉරානයේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන විරෝධතාය.
ඉරානය පුරා නගර සහ ග්‍රාමීය ප්‍රදේශවල පැනනැඟුණු විරෝධතා ඊයෙත් අඛණ්ඩව පැවතිණි.
විරෝධතාකරුවන්ට සහාය දැක්වීම සඳහා වෙළඳපොළවල් සහ කඩසාප්පු ද වසා දමන ලදී.
පෙළපාලි වටා ඇති ප්‍රචණ්ඩත්වයෙන් මේ දක්වා අවම වශයෙන් පුද්ගලයන් 42 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 2,270කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බව එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්රවෘත්ති ඒජන්සිය පැවසීය.
වැඩිවන විරෝධතා ඉරානයේ සිවිල් රජය සහ එහි උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මත පීඩනය වැඩි කරයි.
අන්තර්ජාල සමාගමක් වන CloudFlare සහ NetBlocks උපදේශක කණ්ඩායමක් අන්තර්ජාල ඇනහිටීම වාර්තා කළ අතර, ඔවුන් පවසන්නේ ඉරාන රජයේ මැදිහත්වීම් හේතුවෙන් එය සිදු වූ බවයි.
ඩුබායි සිට ඉරානය දක්වා ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථන ඇමතුම සඳහා ගත් උත්සාහයන් අසාර්ථක වී තිබිණි.
අතීතයේ දී එවැනි ඇනහිටීම් දැඩි රජයේ මර්දනයන් හේතුවෙන වී ඇත.
මේ අතර, විරෝධතා බොහෝ දුරට නායකයකු නොමැතිව පැවැත්වේ.
පහ්ලවිගේ ඇමතුම ඉදිරියට යන පෙළපාලිවලට බලපාන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත.
බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල ප්‍රාදේශීය රාත්‍රී 8ට පහ්ලවි විරෝධතා සඳහා කැඳවුම් කර තිබිණි.
අදාළ වේලාවේදී ටෙහෙරානය පුරා අසල්වැසි ප්‍රදේශවල ‘ඒකාධිපතියාට මරණය!’ සහ ‘ඉස්ලාමීය ජනරජයට මරණය!’ යනුවෙන් ජනතාව කෑගැසූ වාර්තා වේ.
“මේ අවසාන සටනයි! පහ්ලවි නැවත එනවා!” යනුවෙන් කෑ ගසමින් ඇතැමුන් ෂාට ප්‍රශංසා කරමින් කෑ ගසා ඇත.
“අද රාත්‍රියේ ඉරාන ජාතිකයන් ඔවුන්ගේ නිදහස ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර වශයෙන්, ඉරානයේ පාලන තන්ත්රය සියලු සන්නිවේදන මාර්ග කපා හැර තිබෙනවා,” යනුවෙන් පහ්ලවි පැවසීය.
“ඔවුන් අන්තර්ජාලය වසා දමලා. ස්ථාවර දුරකථන කපා හැරලා. ඔවුන් චන්ද්‍රිකා සංඥා පවා අවහිර කිරීමට උත්සාහ කරන්න පුළුවන්.” යැයි ඔහු පැවසීය.
මෙම පාලන තන්ත්රය වගකිය යුතු තත්ත්වයට පත්කිරීම සඳහා යුරෝපීය නායකයන්ට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
ඔහුගේ ඇමතුමට ප්‍රතිචාරය අනුව තවදුරටත් සැලසුම් ඉදිරිපත් කරන බව පහ්ලවි පවසා තිබිණි.
සැලසුම් කළ විරෝධතා ඉරාන නිලධාරීන් බැරෑරුම් ලෙස සළකන බවක් පෙනෙන්නට තිබිණි.
විරෝධතාකරුවන් හඳුනාගැනීම සඳහා ආරක්ෂක හමුදා විසින් ඩ්‍රෝන යානා භාවිත කරන බව පවසමින් එරට කයිහාන් පුවත්පත අන්තර්ජාලය හරහා වීඩියෝවක් ප්‍රකාශයට පත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart