
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජාතික නිදහස් පෙරමුණේ L.K ජගත් ප්‍රියංකර පත්කර තිබේ.
2024 ජනවාරි 25 වැනි දින කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ ඛේදජනක අනතුරකින් හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් විය.
සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජගත් ප්‍රියංකර පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ජගත් ප්‍රියංකර පුත්තලම මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ප්‍රියංකර, මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart