
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික සංඛ්‍යාලේඛනවලට සමගාමීව, විරැකියා අනුපාතය (සියයට 5.2) උතුරු පළාතේ ප්‍රධාන ගැටලුවක් වන අතර, තරුණ තරුණියෝ සහ නව උපාධිධාරීහු සියලුදෙනාම පාහේ රැකියා සොයා හෝ සංක්‍රමණය වීමට රට හැර යාමට කැමැත්තක් දක්වති.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගියදා යාපනයේ නුවර පාර දිගේ රැකියා ඉල්ලා විරෝධතාවක් පැවැත්වූ නමුත්, ඔවුන්ගේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් පිළිබඳව සමාජ මාධ්‍යවලින් විවේචන එල්ලවිය.
වසර ගණනාවකට පෙර විශ්ව විද්‍යාලයෙන් සමත් වූ නමුත් රාජ්‍ය අංශයේ රැකියා ඉල්ලා සිටි මංමුලා සහගත උපාධිධාරීන් කසළ එකතු කිරීම සඳහා භාවිත කරන ට්‍රොලියක් සහ මෙවලම් රැගෙන කැමරා ඉදිරිපිට රංගනයක් පැවැත්වීය.
විරෝධතාවය පැවති අතර පොලිසිය කාර්යබහුල A9 මාර්ගයේ මාර්ගයේ වාහන හසුරුවමින් සිටියේය.
විරෝධතාව බොහෝදෙනාගේ අවධානය දිනාගත් අතර ඔවුන් විරෝධතාව කුමක් දැයි දැක ගැනීමට ටික වේලාවක් නතර විය.
යාපනය ප්‍රධාන තැපැල් කාර්යාලය අසල සිට පැමිණි එක් මහලු විශ්‍රාමිකයෙකු තවත් අයකුට මෙසේ පවසනු ඇසිණි.
“දැනටත් රජයේ සේවකයන්ට පඩි ගෙවාගන්න අමාරුයි කියනවා. සෑහෙන පිරිසක් දේශපාලන පත්වීම්. එහෙම තියෙද්දී මේ අය රජයේ රැකියාම ඉල්ලනේ මොකද?
මේ අය මේ කරන්නේ නිකන් මිනිස්සුන්ට පාරේ යන එක අවහිර කරන එක විතරයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කරනු දැකගත හැකිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart