
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුහුදේ පාවී ආ කුඩා බුදුගෙයක හැඩයක් ගත් ඉදිකිරීමක් හේතුවෙන් යාපනය, වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්‍රදේශයේ ජනතාව අද අලුයම යම් කැළඹීමකට ලක්වූහ.
වෙරළට ගසාගෙන විත් තිබුණු මෙම කුඩා ප්‍රමාණයේ නිවෙස ජලයේ පාවෙන ආකාරයෙන් සකස්කර ඇත.
විශේෂත්වය වන්නේ, ඒ තුළ බුද්ධ ප්‍රතිමාවක් තිබීම සහ නිවෙස වටා බෞද්ධ ආගමික සංකේත දැක්වෙන පුවරු සවිකර තිබීමයි.
ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ, මියන්මාරය හෝ තායිලන්තය වැනි රටකට බලපෑ ගංවතුර තත්වයක් හේතුවෙන් ජලයේ ඉදිකර ඇති මෙම නිවෙස මුහුදට ගසාගෙන එන්නට ඇති බවයි.
සමහරුන් පවසන්නේ, මෙය ආගමික උත්සවයක් වෙනුවෙන් ගංගාවක පාකිරිම සඳහා ඉදිකරන ලද්දක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart