
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට සතියකට හතර වතාවක් පමණක් ක්‍රියාත්මක වන චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ජූලි 16වැනිදා සිට දිනපතා ක්‍රියාත්මක වීමට නියමිතය.
කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ(06) ආරම්භවූ, ඉන්දීය සංචාරක සම්මේලනය විසින් සංවිධානය කළ “දේශසීමා ඉක්මවා – ජීවිත පරිවර්තනය කිරීම” (Transcending Borders – Transforming Lives) වැඩසටහනට එක්වෙමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මේ බව අනාවරණය කළේය.
දශක කිහිපයක් තිස්සේ අක්‍රියව පැවැති රටවල් දෙක අතර නෞකා සේවයද නැවත ආරම්භ කිරීමට අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බවද මහකොමසාරිස්වරයා සඳහන් කළේය.
සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා පුළුල් සැලසුම් දැනටමත් සකස් කර ඇති බව මෙම වැඩසටහනට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart