May 26, 2025

ලොව කොතැනට ගියත් ශ්‍රී ලංකාව සැමවිටම තමාට නිවහනක් වනු ඇති බව බොලිවුඩ් තරුවක් වන ජැකලින් ෆර්නැන්ඩස් පවසයි.

ශ්‍රී ලංකාවේ අංක එකේ සහ දේපළ වෙළඳාමේ වඩාත්ම විශ්වාසදායක සන්නාමය වන හෝම් ලෑන්ඩ්ස් සමූහය සමඟ ජැකලින් ෆර්නැන්ඩස් නිල වශයෙන් හවුල් වී ඇති අතර, මෙම සහයෝගීතාව ගෝලීය වශයෙන් නිරූපිකාවක ලෙස ශ්‍රී ලංකාව සන්නාමයක් බවට පත්කරන බවත්, එය ශ්‍රී ලංකාවේ දේපළ භූ දර්ශනයේ වර්ධනය මෙන්ම නවෝත්පාදන‍යේ නව යුගයක් සනිටුහන් කරන බවත් ඇය පෙන්වාදෙයි.

සිය දක්ෂතාවය මෙන්ම සුරූපී බවින් ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත් ජැකලින්, ව්‍යාපාර කටයුතුවලට පැමිණෙන බව මෙම නිවේදනය හරහා දක්වා තිබේ.

හෝම් ලෑන්ඩ්ස් සමූහයේ සභාපති නලින් හේරත් සඳහන් කර ඇත්තේ, ජැකලීන් නූතන ශ්‍රී ලංකාවේ ආත්මය මූසපත් කරන බවත්, විශ්වාසයෙන් යුතුව හෝම් ලෑන්ඩ්ස් පවුලට ඇයව පිළිගැනීමට ලැබීම ගෞරවයක් බවත්ය.

“ලෝකයේ කොතැනට ගියත් ශ්‍රී ලංකාව සැමවිටම මගේ නිවහන වනු ඇත. මෙහි දේවල් කෙතරම් වේගයෙන් ගමන් කරනවාද යන්න දැකීම පුදුම සහගතයි. ශක්තිය, සංචාරකයන්ගේ වර්ධනය සැබවින්ම ආශ්වාදජනකයි. ශ්‍රී ලංකාවේ අංක එකේ සහ වඩාත්ම විශ්වාසදායක දේපළ වෙළඳාම් හවුල්කරුවා වන හෝම් ලෑන්ඩ්ස් සමඟ අත්වැල් බැඳගැනීම මෙරට ආකර්ෂණීයව නව්‍ය ආකාරයෙන් ලෝකයට විවෘත කරයි” යනුවෙන්ද ඇය සඳහන් කරයි.

හෝම් ලෑන්ඩ්ස් හි නවතම සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය දියත් කිරීම මධ්‍යයේ මෙම නිවේදනය නිකුත් කර ඇත.