
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හමු වී තිබේ.
හිටපු ජනපති නිල නිවසේදී සිදුව ඇති මෙම හමුවේදී නව මහ කොමසාරිස්වරයාට හිටපු ජනාධිපතිවරයා සුබ පැතුම් එක්කර ඇත.
ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්දියාව ලබාදුන් සහාය පිළිබඳව තමන් කෘතවේදී වන බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළකරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.
දෙරට අතර සමගිය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදීමට ඉන්දියාව සූදානම් බවත් මහ කොමසාරිස්වරයා පවසා ඇත.
මීට පෙර ශ්‍රී ලංකාවේ රාජකාරී කළ කාලය පිළිබඳවැඩ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සිහිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් වීමට පෙර සන්තොෂ් ජාහ් බෙල්ජියම, යුරෝපා සංගමය, අමෙරිකා එක්සත් ජනපදය, උස්බෙකිස්තානය ආදී රටවල ඉන්දීය තානාපති කාර්යාලවල සේවය කර තිබෙන අතර, හෙතෙම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද විවිධ තනතුරු හොබවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart