
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමා දේශපාලනයේ සිටින තුරු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට මෙරට ජනාධිපති වීමට ඉඩ නොදෙන බව රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ පවසයි.
“අනුර දිසානායක මිනිස්සුන්ට පොඩි බෝක්කුවක්වත් හදල දීල තියෙනවද? මම දේශපාලනේ ඉන්නකම් එයාට මේ රටේ ජනාධිපති වෙන්න අපි ඉඩ තියන්නේ නෑ,” යනුවෙන් ඔහු කියා සිටියේ මහනුවර පැවති ජනහමුවක් අමතමිනි.
“කෙනෙක්ගේ උස මහතා බලලා ආරක්‍ෂක රස්සාවට විතරයි හොඳ කිව්ව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ගැන කතා කරලා වැඩක් නෑ,” ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීමට තමන් පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළේ දෙගිඩියාවකින් බවයි.
දැන් කිසිදු සැකයකින් තොරව ඔහුව අනුමත කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart