June 24, 2025

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඊයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඊයේ පැමිණියේය.

ඒ අමාත්‍යංශ සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියට මාස 14ක කාලයක් මාසයකට රුපියල් ලක්ෂ 13 බැගින් ඇවන්ගාඩ් සමාගමෙන් ද වැටුප් ගෙවීම සම්බන්ධව පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

තමන් එම සමාගමෙන් එවැනි මුදලක් ලබාගත් බව කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය අල්ලස් කොමිසමට පවසා තිබුණේ, මුදල් ලැබීම සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමේදීය.

මෙම කරුණට අදාළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර, පසුව ඇප මත මුදාහැර තිබේ.