
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ සන්ධානයේ විශාලතම දේශපාලන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කර ඇත.
පැය පහක සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹුණු බව එම පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.
.
එය ඒකමතික තීරණයක් බවද ඔහු සඳහන් කර තිබේ.
පසුගියදා මෙරට සංචාරය කළ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, උතුරේ කළ සංචාරයේදී දෙමළ පක්ෂ නියෝජිතයන්ට ප්‍රකාශ කර තිබුණේ, දෙමළ ජනතාවගේ ඡන්ද අපතේ නොයවා, ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු සමඟ සාකච්ඡා කර, සාකච්ඡා මාර්ගයෙන් දෙමළ ජනතාවගේ අභිලාෂයන් තහවුරු කර ගැනීමට උත්සාහ කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart