September 25, 2025

මෑතකදී සිදුකළ සංගණනයෙන් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ රිළවුන් මිලියන 5.1 ක් සහ අනෙකුත් වඳුරන් මිලියන 1.7 ක් සිටින බවයි.

එසේම දඬුලේනුන් ගහණය මිලියන 2.6ක් බවද සොයාගෙන ඇත.

මොණරුන්ගේ ගහණය මිලියන 4.2 කි.

මෙම තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළිකළ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ, සංගණනය සඳහා වැයකර ඇත්තේ රුපියල් මිලියන 3.8 ක් පමණක් බවයි.