
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මාර්තු 4 වැනිදා සිට සේවා ලබාගැනීම සදහා දිනයන් හා වේලාවන් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.
ඒ සඳහා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://dmtappointments.dmt.gov.lk/ වෙත පිවිසෙන ලෙස හෝ ස්වයංක්‍රීය දුරකථන සේවාව වන 0112117116 ඔස්සේ සම්බන්ධ වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹින් පිටත සිට අමතන පුද්ගලයන් සාමාන්‍ය අංකය වන 2117116 සමඟ ප්‍රාදේශීය කේතය ඇතුළත් කළ යුතු වේ.
දෙපාර්තමේන්තුවට සේවා සඳහා පැමිණෙන ජනතාවගේ කාලය ඉතිරි කර ගැනීමටත්, ප්‍රධාන කාර්යාලයට සහ අනෙකුත් ශාඛාවලට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව අඩුකිරීමටත් මෙම තීරණය ගෙන ඇත.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ (NTMI) සභාපති දර්ශන අබේරත්න පවසා ඇත්තේ, විද්‍යුත් නාලිකා පද්ධතිය හරහා වෛද්‍ය පරීක්ෂණ සඳහා වෙනවෙනම දින සහ වේලාවන් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.
එසේම, රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ලබාගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණෙන පුද්ගලයන් සඳුදා සිට දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව ද ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart