
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 60කට පමණ පෙර වඳවී ගොස් ඇතැයි සඳහන් කර ඇති, ඈන්ට්ඊටර් නමැති ක්ෂීරපායි සත්වයෙක්ගේ බදු නාසය සහ පාද ඇති සත්ව විශේෂයක්, ඉන්දුනීසියාවේ සයික්ලොප්ස් කඳුවැටියේදී විද්‍යාඥයන් නැවත සොයා ගෙන ඇත.
බ්‍රිතාන්‍ය ස්වභාව විද්‍යාඥ ඩේවිඩ් ඇටෙන්බරෝගේ නමින් නම් කරන ලද ‘ඇටන්බරෝගේ දිගු හොට සහිත එචිඩ්නා'(echidna) නමැති මෙම සත්වයා, 1961න් පසු ප්‍රථම වරට ට්‍රේල් කැමරාවක් මගින් ඡායාරූප ගත කර ඇත්තේ, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල විද්‍යාඥයන් පිරිසක් විසින් පසුගිය ජුනි සහ ජූලි මාසවල සිදුකළ ගවේෂණයක අවසාන දිනයේ දී ය.
චාරිකාව අවසානයේ කඳුකරයෙන් බැස ගිය ජීව විද්‍යාඥ ජේම්ස් කෙම්ප්ටන් විසින් දුරස්ථ කැමරා 80කට අධික සංඛ්‍යාවකින් ලබාගත් දර්ශන පර්ක්ෂා කිරීමේදී වනාන්තරයේ යටිතලය හරහා ඇවිද යන මෙම කුඩා සත්වයාගේ රූපය සොයාගෙන ඇත.
මෙම විශේෂය 1961 දී ලන්දේසි උද්භිද විද්‍යාඥයෙකු විසින් විද්‍යාත්මකව වාර්තා කර ඇත්තේ එක්වරක් පමණි.
මේ හා යම්තාක් දුරකට සාමන, වෙනත් එචිඩ්නා විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සහ නිව්ගිනියාවේ දක්නට ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart