
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජන සංහාරයක් පිළිබඳ චෝදනාවලට එරෙහිව රට ආරක්ෂා කර ගැනීම සඳහා ලබන සතියේ, අන්තර්ජාතික අධිකරණයේ දී ( International Court of Justice – ICJ) තමන් නියෝජනය කිරීමට ඊශ්‍රායලය විසින් බ්‍රිතාන්‍ය බැරිස්ටර්වරයකු තෝරාගෙන ඇත.
ඒ අනුව මෙම නඩුව භාර දී ඇත්තේ භෞමික ආරවුල් පිළිබඳ ප්රමුඛ විශේෂඥයකු සහ ජන සංහාර නීතිය පිළිබඳ කතුවරයකු වන මහාචාර්ය මැල්කම් ෂෝ කේසී වෙතයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සර්බියාව සහ කැමරූන් ඇතුළුව අන්තර්ජාතික අධිකරණය ඉදිරියේ ආණ්ඩු හතරක් නියෝජනය කර ඇති පුද්ගලයකු ලෙස
76 හැවිරිදි මහාචාර්ය ෂෝ සැළකේ.
මහාචාර්ය මැල්කම් ෂෝ කේසීට මෙම නඩුව පැවරීම “ආඩම්බර, ගෞරවනීය සහ වරප්‍රසාදයක්” යැයි කියනු ලැබේ.
ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ සහ ජෙරුසලමේ හීබෘ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන මහාචාර්ය ෂෝව තෝරා ගැනීම හේග්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ අධිකරණය වර්ජනය කිරීම පිළිබඳ දශක ගණනාවක් තිස්සේ පැවති ඊශ්‍රායලයේ ප්‍රතිපත්තිය ආපසු හැරවීමක් ලෙස ද සැළකේ.
වර්ණභේදවාදය යටතේ පලස්තීනුවන්ගේ දුක්ඛිත තත්ත්වය කළු දකුණු අප්‍රිකානුවන්ට දිගු කලක් සමාන කරමින් දකුණු අප්‍රිකාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඊශ්‍රායල ආණ්ඩුව දකුණු අප්‍රිකාවේ යෝජනාව හෙළාදැක ඇත්තේ එය යුදෙව් රාජ්‍යයට එරෙහි “ලේ අපහාසයක්” ලෙස ප්‍රකාශ කරමිනි.
පසුගිය ඔක්තෝබර් 7 වැනි දින හමාස් විසින් සිදු කරන ලද සමූලඝාතනයට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයේ සිදුකෙරෙන ක්‍රියාන්විතය කෙරෙහි දැඩි ගෝලීය අවධානයක් යොමු කර ඇති වේලාවක මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.
1948 දී එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය විසින් සම්මත කරන ලද, ජන සංහාර සම්මුතියට ඊශ්‍රායලය අත්සන් කර ඇති බැවින් අන්තර්ජාතික අධිකරණයේ අධිකරණ බලයට සහ එහි තීන්දුවලට ඔවුන් යටත් වේ.
ඒ අනුව, නඩුවේ මූලික මහජන සාක්ෂි විමසීම් ලබන සතියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart