
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය වැරදි ලෙස අවසන් කළ බව පවසමින් Imperial Sports Group විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
එම නඩුවට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ නව හිමිකාරිත්වය දරන Innovative Production Group වෙත අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
මීළඟ නඩු විභාගය ජූලි 12 වැනිදාට කැඳවීමට නියමිතය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැක මතුවීම හේතුවෙන් Imperial Sports Group සතුව තිබූ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණි.
Imperial Sports Group විසින් මෙම නඩුව පවරනු ලබන්නේ එම පසුබිම යටතේය.
දඹුල්ල තන්ඩර්ස් හි හිමිකාරිත්වය වැරදි ලෙස අවසන් කිරීමට එරෙහිව ඔවුන් සහනයක් ඉල්ලා සිටී.
කණ්ඩායම් අයිතිය තෙවැනි පාර්ශ්වයකට පැවරීම වැළැක්වීමට ද පැමිණිලිකරුවන් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
Imperial Sports Group දඹුල්ල කණ්ඩායමේ ඔවුන්ගේ හිමිකාරීත්වය තහවුරු කරන අතර ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව වැරදි ලෙස අවසන් කිරීම හේතුවෙන් සිදු වූ මූල්‍ය පාඩු සඳහා Innovative Production Group සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වෙතින් වන්දි ද ඉල්ලා සිටී.
Imperial Sports Group හි සම-නිර්මාතෘ තමීම් රහ්මාන් තරඟ පාවාදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම ගැටලුව පැන නැගිණි.
මෙම සිදුවීම මත ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයන් විසින් දඹුල්ල තන්ඩර්ස්හි කොන්ත්‍රාත්තුව අවසන් කරන ලදී.
පසුව දඹුල්ල තන්ඩර්ස් හි කොන්ත්‍රාත්තුව එක්සත් ජනපදයේ නව හිමිකරුවකුට පවරන ලදී.
දැනට පවතින නඩු කටයුතු නොතකා, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2024 ජූලි 1 වැනිදා මහනුවරදී ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart