April 30, 2025

‘දිවයින’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ දීර්ඝ කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ කීර්ති වර්ණකුලසූරිය අභාවප්‍රාප්තවී ඇත.

‘දිවයින’ පුවත්පතේ කලක් විදේශ ප්‍රවෘත්ති සංස්කාරකවරයා මෙන්ම යුද පුවත් වාර්තාකරුවකු ලෙස ද ඔහු කටයුතු කළ.

කීර්ති වර්ණකුලසූරිය ‛ජනදින’ පුවත්පතින් සිය පුවත්පත් කලා දිවිය ඇරැඹීය.

මියයන විට ඔහු 73 වැනි වියේ පසුවිය.

ඔහු සතිපතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ආරක්‍ෂක ලිපි පෙළක්ද කලක් සම්පාදනය කළේය.

විශ්‍රාම ලැබීමෙන් පසුව ඔහු තම සොහොයුරු අජිත් වර්ණකුලසූරියගේ රාගම නිවසේ ජීවත්ව සිටියදී රෝගාතුරව අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය පිළිබඳව අවසන් කටයුතු ඔහුගේ අවසන් ඉල්ලීම පරිදි චාම්ව සිදුකර තිබේ.